Sunday, January 18, 2015

A.B. de Villiers ගේ සුරුකම් බලා වදාරනු මැනවි....

ක්‍රිකට් ඔව් ක්‍රිකට් කියන්නෙ මේ දවස් වල ප්‍රධාන මාතෘකාවක්නෙ.ඔයාලත් මැච් බලන බවත් ඒ වගේම ක්‍රිකට් වලට උනන්දුවක් දක්වන බවත් අපි දන්නව.ටෙක්නොලොජිකල් සයිට් එකක් උනාට අපි ක්‍රිකට් ගැනත් ඔයාලට දැනුම් දීම් කරනව.

AB de Villiers කියන්නෙ අපි කවුරුත් දන්න සුපිරි පොරක්.ඈත එපිට රටක හිටියට පොර ගැන නොදන්න කෙනෙක් මේ ලෝකෙවත් නැති තරම්.මෑන්ස් කොච්චර අපිට සමීපද කියන්නෙ සමහරුන්ට A,B කියද්දි ඊලගට කටට එන්නෙ C කියල නෙමෙයි de villiers කියල.කොටින්ම කිව්වොත් de Villiers  ක්‍රිකට් ලෝකෙ වීරයෙක්.



මෙයා අද ඓතිහාසික වාර්තා තිබ්බා.ඒ විදිහට වැඩ දාපු මැච් එකත් ඉතිහාස ගතවුනා.
De Villiers අද  ලොව වේගවත්ම ODI ශතකයත් අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ West Indies වලට එරෙහිව.
මෙයා ශතකය වාර්තා කරන්න ගත්තෙ පන්දු  31යි.මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වෙCorey Anderson.De Villiers ගේ ශතකයට 6 පහරවල්10 සහ හතරේ පහරවල් 8 ඇතුලත් උනා.
මෙන්න Century එකේ Video එක


ඒ වගේම De Villiersn අද ලොව වේගවත්ම ODI අර්ධ ශතකයත් වාර්තා කලා.ඒ සදහා ඔහු යොදාගත්තෙ පන්දු 16 යි.ඒ එතෙක් කල් එම වාර්තාවට හිමිකම් කියූ අපේ සනත් ජයසූරියගේ වාර්තාව බිද හෙලමින්.De Villiers ගේ අර්ධ ශතකය සදහා 6 පහරවල් 6 සහ 4 පහරවල් 4 ක් ඇතුලත් උනා.



ඒ වගේම මේ තරගයේ විශේශත්වය ගැන කිව්වොත් මේක තමයි මෙතෙක් කල් වාර්තා වුනු දෙවෙනියට වැඩිම ලකුනු වාර්තා වුනු ODI Match එක(439/2).අංක 1 ඉතින් වෙන කවුද අපි තමයි.ආඩම්බරයි පුතේ.
ඉතින් මං හිතනව මේ තොරතුරු ටිකට ඔයගොල්ලො කැමති වෙන්න ඇති කියල.

එහෙනම් මම යනව.තවත් සුපිරි පෝස්ට් එකක් අරන් එනවන.මම නිපුන් සමීර.

No comments:

Post a Comment