Thursday, January 15, 2015

අතුරු දැල රක්ශිතයි...


අන්තර්ජාලය ඇමරිකාවෙ CIA එකේ ඔත්තු සේවයක්ය කියල රාවයක් හැමතැනම  ගියානෙ!
දැන් ඒ රාවයෙ ඇත්ත නැත්ත දැන් ඔප්පු වෙලා තියෙන්නෙ.මේ කතාව සම්පූර්නයෙන්ම බොරුවක් කියල පසුගිය දෙසැම්බර් 11 වෙනිදා ඔප්පු උනා.ඒක කලේ වෙන කවුරුත් නෙමෙයි  ලෝක ව්යාප්ත ජාලයේ(WWW)  නිර්මාතෘ වෙන ටිම් බර්නස් ලී මහත්තය.ලන්ඩන් නුවර ප්‍රවෘත්ති සාකච්චාවකදි තමයි මෑන්ස් මේ ගැන කියල තියෙන්නෙ.
මීට මාස ගානකින් රුසියානු ජනාදිපති ව්ලැදිමීර් පුටින් මහත්තය උඩ පැන පැන කෑගැහුවනෙ Internet කියන්නෙ CIA  සංවිධානයෙ ඔත්තු සේවයක් කියල.දැන් ඒ කතාව පට්ට පල් බොරුවක් කියල ඔප්පු උනා.
අන්තර්ජාලය නිර්මාණයට ඇමෙරිකානු සහය ලැබුනට ඇමෙරිකාවට අන්තර්ජාලයෙ පරිපාලනයට ඇගිලි ගහන්න අයිතියක් නැතිලු.ඒ නිසා දැන්ම ඒ පරන දුර්මතය හිතෙන් අයින් කරගන්න.

No comments:

Post a Comment